(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සදහා 2018 වර්ෂය වෙනුවෙන් ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන මස 03 වන සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සිසුන්ට දැනුම් දෙයි.
ලබන මස මුල් සතියේදී ඊට අදාල කැදවීම් ලිපි යොමුකිරීමට නියමිතව ඇති අතර , දිවයිනපුරා පිහිටි විද්‍යාපීඨ 19 කදී එම බඳවාගැනීම් සිදුකෙරේ.
2012 සහ 2013 වසරවල විද්‍යාපීඨ බඳවාගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් මතුවූ ගැටලුද නිරාකරණය කරගනිමින් 2018 වර්ෂය සදහා කණ්ඩායම් දෙකක් වශයෙන් බදවාගැනීම් සිදුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.
2016 හා 2017 අපොස උසස්පළ ප්‍රථීඵල අනුව පාඨමාලා 27 ක් සදහා මෙවර බදවා ගැනීමට අපේක්ෂිත ශික්ෂණලාභීන් සංඛ්‍යාව 8000 ක්.








