FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායකට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට කැබිනට් යෝජනාවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා වෙඩි නොවදින රථයක් ලබාදීමේ යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (28) රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසන් තීරණයක් ගැනීමට එකඟ වී ඇත.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහා පුළුල් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.