FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරිනියගේ රාජකාරීයට බාධා කළ නීතිඥවරියට ඇප

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ උපරිමාධිකරණ පිවිසුම් දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කොට එම නිලධාරිනියට සුළු තුවාල සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රේමනී පොතුපිටිය නැමති නීතිඥවරිය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඊයේ (28) දින කොළඹ මහාධිකරණ පිවිසුම් දොරටුව තුළින් ගමන් කිරීමට උත්සාහ කළ මෙම නීතිඥවරිය පරික්ෂා කළ අවස්ථාවේදී ඇය විසින් එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කර ඈයට සුළු තුවාල සිදුකර ඇති බව පොලිසිය අද (29) අධිකරණයට දන්වා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර නීතිඥවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ අතර නඩුව නැවත ජුලි මස 02 වනදා කැඳවීමටද නියම කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.