(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
එම ස්ථානයන්හි ආරක්ෂාව තහවුුරු කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විවධ පාර්ශ්වයන්ගේ ඉදිරිපත් වූ යෝජනා අනුව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.








