(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වී තිබෙන අතර , ඒ අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව එහි සත්කාරකත්වය දැරීමට නියමිතයි.
රටවල් 67 ක නියෝජිතයින් තුන්දහසකට වැඩි පිරිසක් මේ සදහා සහභාගී වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය.
ආසියානු පැසිපික් කලාපයේ ආර්ථීක හා සමාජ සංවර්ධනය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කෙරෙන සමුලුවක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීම සැලකෙයි.






