(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (29) සහ හෙට (30) දිනයන්හිදී අපේක්ෂා කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද (29) දිනය තුළ බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන බවද සඳහන් වෙයි.
ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.








