FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට විශේෂ දැනුම්දීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  වෛද්‍ය පරිපාලකයින් විසින් මාධ්‍ය හමු කැඳවීමේදී සහ තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ පැවසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කරයි.

මෙම තීරණය පිළිබඳව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුම්වත් කර ඇති බවත් , ඉන් පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.