(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල ලබන 04 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.
මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.








