FAST NEWS

24×7 Around the Globe

සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (28) සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකටද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වඩාත් සුරක්ෂිත සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය හා අදාළ සෙසු ආනයනික ව්‍යුහයන් බලගැන්වීම පනතේ මූලික අරමුණු බවත් පෙන්වා දුන්නේය.