FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සෙයිගු පිළිබඳව විමර්ශනයට සය පුද්ගල මණ්ඩලය පත් කෙරේ

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායකගේ ප්‍රධානත්වයෙන් 06 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මීය කටයුතු කර තිබේ.

මෙම මණ්ඩලයට පරිපාලන සේවා නිලධාරී එල්.ඒ. බස්නායක, විශ්‍රාමික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඞී.පී. රත්නසිරි, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ, විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන අයත්ය.

ඒ අනුව මසක් ඇතුළත මූලික විමර්ශන වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරිය මෙම මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.