(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව පමණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටි පොලිස් නිලධාරියෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
දියේ ගිලීමෙන් අනතුරට ලක්වූ මොහු පමුණුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත.
ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිළධාරියා දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අවුරුදු 58 ක් වයසැති කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වෙයි.








