(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතීතයේ සිදුවූ යම් සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් වාර්තා වී ඇති බවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙසත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,
“සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. එයට හේතුව වන්නේ ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක්ම වාර්තා වී තිබෙනවා.
ජාතින් අතර අසමගිය, වෛරය ඇති කිරීමේ අදහසින් එවැනි පැරණි සිද්ධීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.“








