(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබූ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 11 ,000 කට අධික ප්‍රමාණයක් සහිත බහාලුම් දෙකක් කන්ටේනර් 02 ක්, ඉගුරු කඩේ හංදිය රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ සහය මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වන සමාගමක නම යොදා ගනිමින් මෙම බීඩි කොළ තොගය ගෙන්වා ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.








