(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජපානයේ ටයිසේ සමාගමට ලබාදුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා (32km) තෙවන අදියරේ අන්තර් හුවමාරුවක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා එය ආපසු ලබා ගැනීමට අදාළව අද (28) දිනයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් වන බව මහාමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම ඉදිකිරීම් නැවත ලබාගත්තද ගිවිසුමකට එළැඹ නොමැති නිසා කිසිදු ගෙවීමක් සිදු නොකරන බවද පැවසේ.
එම අන්තර් හුවමාරුව ඉදිකිරීමේ කටයුතු ලබා නොදෙන්නේ නම් මාර්ග කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ද සිදු කළ නොහැකි බව ටයිසේ සමාගම ශ්‍රී ලංකා රජයට දන්වා ඇති බවත් කියැවේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටස ඉදිවන්නේ ජපානයේ ටෝයේකියෝ මිට්ෂුයි බිෂි බැංකුවෙන් දැඩි කොන්දේසි මත ලබාගන්නා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලකිනි.








