(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවට වු චෝදනාව සම්බන්ධයෙන් ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් මහාචාර්ය සරත් විජේසුරිය මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.
නීතිඥවරයෙකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලා දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සිතාසි කිරීම සිදු කර තිබේ.
එම පැමීණිල්ලට අනුව ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරු අදාළ පැමිණිල්ල තූළින් අභියාචනාධිකරණයේන් ඉල්ලා ඇත.








