FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් කොමිසමෙන් වැඩ බලන පොලිස්පතිට ලිපියක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ පසුගියදා වයඹ පළාතේ ස්ථාන කිහිපක හටගත් නොසන්සුන්කාරී වාතාවරණය සමනය කිරීමට මේ දක්වාත් සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොමැති බව දැනුම් දෙමින්.

අදාළ ලිපියෙන් , ගැටුම් ඇතිවූ ප්‍රදේශවල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් සංචාරයක නිරතවී එම ප්‍රදේශවල තත්ත්වය නිරීක්‍ෂණය කර ඇති බවත් එහිදී ඔවුන්, ගම්වැසියන්, ප්‍රජානායකයින්, පොලීසිය මෙන්ම යුද හමුදාවේ සාමාජිකයින් ද මුණගැසී සාකච්ඡා කර හෙළිවූ කරුණු මත මෙම ලිපිය යොමු කිරීමට අදහස් කර ඇති බවත් සදහන් කර ඇත.

මෙහිදී හෙළිව ඇත්තේ එදින ප්‍රහාර එල්ල වීමට පැය කිහිපයකට පෙර පොලිස් සහ යුධ හමුදා හදිසි ඇමතුම් අංක වෙත දුරකථන ඇමතුම් ලබා දී ඇති බවත් ඊට ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්ය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මියගේ අත්සනින් යුතුව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත යොමු කළ ලිපියේ මෙම කරුණු සඳහන් කර තිබේ.