(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සති අන්තයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක යුද හමුදාව විශේෂ සිදුකළ සෝදිසි මෙහෙයුම් සිදු කල අතර එහිදී සැකපිට පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනතාවගේ අරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දිගින් දිගටම මෙවැනි වැටලීම් සිදුකරයි.ඒ අනුව පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනවලද කොළඹ,ගම්පහ ,කුරුණෑගල,හලාවත,කළුතර වැනි දිස්ත්‍රික්ක වල තෝරාගත් ප්‍රදේශ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
මෙම සෝදිසි කිරීම් වලදී සැකපිට පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මින් 19 දෙනෙකු මාවතගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර 08 දෙනෙකු කළුතර පෝරුතොට ප්‍රදේශයෙන්, තවත් තිදෙනෙකු මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ද එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 15ක් සොයාගෙන ඇති බව වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.








