FAST NEWS

24×7 Around the Globe

බදුරලිය බෝම්බ තැබු අයගේ සහෝදරයෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13 ක් තැබීමේ සිද්ධියට පසුගියදා සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සහෝදරයෙකු වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්තුන්ගල ,හැඩිගල්ල ජනපදයේ පදිංචි 31 හැවිරිදි අයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

එහිදී වෙඩි බෙහෙත් ග්‍රෑම් 900 ක් ,බැටරි කෑලි කීපයක් සහ යුද හමුදා කෑම බඳුන් වගයක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසින් සොයාගෙන ඇත.

බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13 ක් තැබීමේ සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.