FAST NEWS

24×7 Around the Globe

නිධන් හෑරූ පුද්ගලයන් 7ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගල්කිරියාගම , උල්පතගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු පොලීසිය විසින් අද (26) අලූයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිරියාගම, නාච්චාදූව, දේවහුව සහ පලාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.