FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා මියගිය අය වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් අද (26) උදෑසන 7.30 ට බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී පැවැත්වුණි.

මෙම දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත් වූ බව අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඞ්මන්ඩ් තිලකරත්න පියතුමන් කියා සිටියේ.