(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර,මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල අද (25) දිනය තුල වැසි අපේක්ෂෘ කරයි.
ඌව පළාතේත් පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලි සිටියි.








