FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක රුපියල් මිලියන 134ක මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
මීට අමතරව සැකකරුවන්ගේ රුපියල් මිලියන 14ක වත්කම් සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටී.