FAST NEWS

24×7 Around the Globe

ඉහළ පොලිස් නිලධාරීන් 05 කට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ පොලිස් අධිකාරීවරුන් හතරදෙනකු ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ලැයිස්තුව පහතින්.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මහතා – යාපනය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි ලෙස
පොලිස් අධිකාරී ටී.ජී.එන්.ඩබ්.ඩී. තල්දූව මහතා – ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට යාපනය කොට්ඨාස භාර නිලධාරි ලෙස
පොලිස් අධිකාරී එච්.එස්.එන්. පීරිස් මහතා – මන්නාරම කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි ලෙස
පොලිස් අධිකාරී බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා – මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මන්නාරම කොට්ඨාස භාර නිලධාරි ලෙස
පොලිස් අධිකාරී එස්.පී. රණසිංහ මහතා – නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස