FAST NEWS

24×7 Around the Globe

ජනපතිට එරෙහිව අසත්‍ය ප්‍රචාර යැවූ සිසුවාට ඇප

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරක් පළ කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජයවර්ධනපුර සරසවියේ සිසුවා ඇප මත මුදා හැර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ මොහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කිරීම සම්පන්ධයෙන් එල්ල වූ චෝදනාවට ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.