FAST NEWS

24×7 Around the Globe

අතපසුවූ විෂයන් ආවරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය දිනවල රටේ පැවති ආරක්ෂක තත්ත්වයත් සමග පාසල් වසා දැමුනු කාලසීමාවේ අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
ඒ අනුව විෂය නිර්දේශ ආවරණය කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හිමිවනු ඇත.
කිසිඳු තත්ත්වයක් යටතේ හෝ වාර විභාග අවලංගු නොකරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම්. රත්නායක මහතා සඳහන් කරයි.