FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා මිය ගිය අය වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් ලබන ඉරිදා (26) පවත්වන බව අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් පැවසීය.
එම දිව්‍ය පූජාව බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී උදෑසන 07.30 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් වැඩිදුරටත් කියා සිටියි.