FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන් අටදහසක් රාජ්‍ය සේවයට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ව්‍යාපෘති සහකාරවරුන් ලෙස තවත් රැකියා විරහිත උපාධිධාරීන් 8,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා ලබන ජුනි 15 වනදා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුවන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
වසරක පුහුණුවකින් පසුව මෙම පිරිස ස්ථිර සේවයේ පිහිටුවීමට නියමිතය.
පුහුණු කාලය තුළ මසකට රුපියල් 20,000 දීමනාවක් ලබා දෙන බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.