FAST NEWS

24×7 Around the Globe

අන්තවාදීන් සමග සබදකම් පැවැත්වූ ලාංකිකයෙක් මියන්මාරයේදී කොටුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව කියන ශ්‍රී ලාංකිකයෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
39 හැවිරිදි අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නම් මෙම සැකකරු පසුගිය වසරේ ජනවාරි මාසයේදී මියන්මාරයට සංචාරක වීසා මත පැමිණ ඇති අතර , ඔහු යලි එරටින් පිටව නොගොස් නීතිවිරෝධී අයුරින් එරට රැදී සිට ඇති බව සදහන්.
සැකකරු සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස එරට සංචාරක කටයුතු දෙපාර්තමේන්තුව සියළුම හෝටල සහ ලැඟුම්හල් වෙත පසුගිය දිනක දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
පසුව මෙම සැකකරු මියන්මාරයේ යැන්ගුන් ප්‍රාන්තයේ පිහිටි ආගමන විගමන කාර්යාලයට පැමිණ වීසා බලපත්‍රය අලුත් කර ගැනීමට පැමිණ අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.