FAST NEWS

24×7 Around the Globe

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි සමග සුළං (Audio)

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද (24) දිනයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර , වර්ෂාවත් සමඟ එම ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මේ අතර, පොළොන්නරුව, බැඳිවැව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ තද වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළඟකින් නිවාස රැසකට හානි සිදුව ඇති බවත් වාර්තා වෙයි.