FAST NEWS

24×7 Around the Globe

බදුරලියේ විදුහලකින් අත් බෝම්බ 13 ක් සොයා ගැනේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බදුරලියේ විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී ඊයේ (23) රාත්‍රී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
විදුහලේ ගොඩනැගිල්ලක් අසල තිබු පාර්සලයක් පිළිබඳව එහි මුරකරු විසින් පරීක්ෂා කිරීමේදී මෙය හමු වී තිබේ.
විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇති බවත් පැවසේ.
මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් පැවසේ.