FAST NEWS

24×7 Around the Globe

හැටන් හා මහනුවර අතර බස් වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හැටන් හා මහනුවර අතර ධාවනය කරන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගින් නංවා ගන්නා අතර ඊයේ (23) සිට නාවලපිටිය ලංගම ඩිපෝව මගින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුලත් නොකර එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසල මඟින් ආවරණයක් නොමැතිව වෙනමම ස්ථානයක් වෙන් කර ඇත.
එයට විරෝධය පා හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස්රථ අද වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
හැටන් බස් නැවතුම්පොලේ සිට මහනුවර දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් අවධාරණය කර සිටින්නේ මෙතෙක් කල් එම මාර්ගයේ ධාවනය කල බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලේ නාතර කර මගින් නංවා ගත් බවත්, පැරණි ක්‍රමයටම තවදුරටත් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියළුම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොට ඇතුලු කර මගින් නංවා ගැනිමට අවස්තාව ලබාදෙන ලෙසය.