FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදිට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුභ පැතුම්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක්කර තිබේ.
ඉන්දියාව සමග වන සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේය.
ඉන්දියාව සමග ඉදිරියටත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා ද සිය සුභ පැතුම් පණිවිඩයෙන් පවසා ඇත.