FAST NEWS

24×7 Around the Globe

හක් බෙල්ලන් 2500 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාව සහ ‍මන්නාරම පොලීසිය එක්ව අද (23) සිදුකළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් 2500 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම, තාරපුරම් හන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී මෙම හක් බෙල්ලන් තොගය හමුවී ඇත.
එම හක් බෙල්ලන් තොගය පේසාලේ සිට මන්නරම දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.