FAST NEWS

24×7 Around the Globe

අන්තවාදී අදහස් වලට ෆේස්බුක් වැට බදී

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස්බුක් හරහා මහා පරිමාණයෙන් හුවමාරු වෙමින් පවතින අන්තවාදී අදහස් පාලනය කිරීමේ සැලැස්මක් ෆේස්බුක් වෙබ් අඩවිය මගින් ක්‍රියාවට නංවමින් සිටින බව වාර්තා වෙයි.
මෙම තීරණය ගෙන ඇත්තේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරය ෆේස්බුක් සජීව විකාශයක් ලෙස ප්‍රචාරය වීමත් සමගයි.
ඒ අනුව, ෆේස්බුක් අඩවිය පෙන්වා දෙන්නේ ඔවුන් විසින් දැනට බලපත්වන රෙගුලාසි නොතකා කටයුතු කරන්නනට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.
විශේෂයෙන්ම, එසේ ක්‍රියාකරන පුද්ගලයන්ගේ හෝ සංවිධානවල ගිණුම් තාවකාලිකව හෝ ස්ථිර ලෙසම අත්හිටුවීමටද ඔවුන් කටයුතු කරමින් සිටියි.
මෙම ක්‍රියාමාර්ගය වඩාත් කාලෝචිත පියවරක් බව ෆේස්බුක් අඩවියේ මෙම තීරණය සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් පවසා සිටියි.