FAST NEWS

24×7 Around the Globe

2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය 27 නිකුත් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා දින මාධ්‍ය වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිතව තිබේ.
දාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය  අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට (www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.