FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරුදින ප්‍රහාරය සෙවිමේ කාර්ක සභාවේ සමාජීකයින් නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරට සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ බව කථානායක කරූ ජයසූරිය මහතා  අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම කාරක සභාව සඳහා අමාත්‍ය රාවුෆ් හකීම් මහතා,අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා නිවේදනය කළේ ය.
මෙම කාරක සභාව සඳහා ඊයේ (22) දිනයේදි පාර්ලිමේන්තු අනුමැතිය හිමි විය.