FAST NEWS

24×7 Around the Globe

රජරට විශ්වවිද්‍යාලයේ සියළු පීඨ 27 විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රජරට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ ලබන 27 වැනිදා සඳුදා දින ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ආනන්ද කරුණාරත්න මහතා පැවැසීය.
දැනට සමාජ විද්‍යා පීඨය සහ වෛද්‍ය පීඨයේ අවසන් වසර ආරම්භ කර තිබෙන බව හෙතෙම කීය.
වෛද්‍ය පීඨයේ අනෙකුත් වසර විභාග පැවැත්වීමේ දින අනුව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් කරුණාරත්න මහතා පැවැසීය.
ආරක්ෂක හේතුන් මත සියලුම සිසුන් පරීක්ෂා කර විශ්වවිද්‍යාලය තුළට ඇතුළත් කර ගන්නා බවත්, එම පරීක්ෂා කිරීම් සඳහා පහසුවන පරිදි ඒ ඒ පීඨවලට අදාළව පැමිණීමේ දිනයන් හා වේලාවන් ලබාදී ඇති බවත් උපකුලපතිවරයා පැවැසීය.
ඒ අනුව කළමනාකරණ අධ්‍යයන පීඨයට අයත් සිසුන්ට මැයි 25 වැනිදා පස්වරු 12.00ත් 4.00ත් අතර කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසත් ව්‍යවහාරික විද්‍යා පීඨයට, තාක්ෂණික පීඨයට සහ කෘෂිකර්ම පීඨයට අයත් සිසුන්ට 26 වැනි දින නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසත් දන්වා ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.