FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව – BBS

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) -සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (23) පස්වරු  3.00  උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක  විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.
උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (21) දිනයේදි බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි