FAST NEWS

24×7 Around the Globe

මෙරට පොදු පාසල් ක්‍රමයක් ඇතිකරනවා – අගමැති

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට අධ්‍යාපන ක්‍රමය ආගම හා භාෂාව අනුව වෙන් නොකර යළිත් පොදු පාසල් ක්‍රමයක් බිහිකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අද (22) පෙරවරුවේ අරලියග මන්දිරයේ පැවැති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශීක්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය
රටට පුහුණු ගුරුවරුන් සිටින පාසල් ක්‍රමයක් අවශ්‍ය වන බවත් මේ අනුව ඉරිදා දහම් පාසැල් හැර ආගමික පාසැල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට  දැනටමත් තීරණය කර තිබෙන බවත් අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.