FAST NEWS

24×7 Around the Globe

ජුනි 03 රාජ්‍ය භාෂා දිනය ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 03 වනදා රාජ්‍ය භාෂා දිනයක් සහ රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව එදින සිට පුරා සතියක් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන්හි පූර්ණ දායකත්වය යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර , සිංහල සහ දමිල භාෂා, රාජ්‍ය භාෂා හා ජාතික භාෂා ලෙසත් ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව ලෙසත්, භාවිත කෙරෙනු ඇත.