FAST NEWS

24×7 Around the Globe

දැන් ක්‍රියාත්මක වන්නේ මාධ්‍ය මාෆියාවක් – ඇමති රිෂාඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාධ්‍ය මාෆියාවක් දැන් ක්‍රියාත්මක වන නිසා සියළු පුවත් විකෘති කර ඉදිරිපත් කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (22) පාර්ලිමේතුවේදී සඳහන් කළේය.
තමන්ගේ උපදේශකවරයෙකු ලෙස මවුලවිවරයෙකු සිටින බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවත්,තමන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගත බවට පල වන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදි පැවසීය.
ඒ සඳහා තමන් සතුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් ලිපියක්ද ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ දක්වා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කල එකදු චෝදනාවක් හෝ ඔප්පු කිරීමට අසමත්ව ඇති බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
එම චෝදනා පිළිබඳව සාක්‍ෂි ඇත්නම් වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද සභානායකවරයා මෙහිදී වැඩි දුරටත් පැවසුවේය.