(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්රදානය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර, එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්රදානය කෙරෙන පදක්කමකි.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසුව පදක්කම් ප්රදානය ආරම්භ කෙරිණි.












