FAST NEWS

24×7 Around the Globe

උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය දැන් නොමිලේම නිවසට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය නොමැති සියලුම පුද්ගලයන්ට නොමිලේ එම සහතික ලබාදීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්.ඩී. විතානගේ මහතා පැවසීය.
දස ලක්ෂයකට අධික පිරිසකට උප්පැන්න සහතික සහ තිස්පන් දහසකට පමණ විවාහ සහතික නොමැති හෙයින් මෙම තීරණය ගත් බවත් ඔහු සදහන් කර සිටියි.
අස්ථානගතව හෝ කිසිදිනක උප්පැන්න සහතිකයක් නොමැතිවුවද ඒ බව ග්‍රාම සේවක දැනුවත් කර උප්පැන්න හෝ විවාහ සහතික ලබාගතහැකි බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
තම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි දැනුවත් කර ප්‍රාදේශීය ලේකම් සහතික කර උප්පැන්න සහතිකය හෝ විවාහ සහතිකය අවශ්‍ය බවට ඉල්ලීම් කිරීමෙන් එම සහතික නිවෙසටම ලැබීමට ද මේ හරහා හැකියාව ඇති බව එන්.ඩී. විතානගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.