FAST NEWS

24×7 Around the Globe

කැලණි විශ්වවිද්‍යාලය සියලු පීඨ 28 වැනිදා විවෘත කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආරක්ෂක හේතු මත වසා දමා තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ලබන 28 වැනිදා යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව එහි සන්නිවේදන ඒකකය සඳහන් කළේය.
විශ්වවිද්‍යාලයේ සියලු පීඨාධිපතිවරුන් හා උප කුලපතිවරයා සමග එක්ව කළ සාකච්ඡාවකදී මේ තීරණයට එළැඹ තිබේ.
ඒ අනුව ලබන 25 හා 26 සති අන්තවල පැවැත්වීමට නියමිත සති අන්ත පාඨමාලා ද සාමාන්‍ය කාල සටහන් අනුව සිදු කරන බවද එම ඒකකය සඳහන් කළේය.