FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් එපා – පොලිසිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් තත්ත්වයත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මේ වන විට ජාත්‍යන්තර ආයතන 09ක දායකත්වයෙන් පරීක්ෂණ සිදු කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ප්‍රකාශ පළ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.