FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවිමේ තේරිම් කාරක සභා යෝජනාව අද (22) පාර්ලිමේන්තුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය පාස්කු ඉරිදා‍ ත්‍රස්ත ප්‍රහාරය හා ඒ හා බැඳුණු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අදාළ යෝජනාව සම්මත කර ගැනීමෙන් අනතුරුව හෙට (23) දිනයේ කමිටුව සඳහා සාමාජිකයින් 15 දෙනෙක් පත් කිරීමට නියමිත බවත් පැවසේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාව කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා වි ඇති බවත් කියැවේ.