FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් 27 දක්වා යළිත් රිමාන්ඩ්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්, හිටපු ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් 07 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.
කොටහේන ප්‍රදේශයේ තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.