FAST NEWS

24×7 Around the Globe

සිරිපා අවාරයේ දී විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙසක් පොහොයෙන් මෙවර සිරිපා කරුණා සමය අවසන් වුණු අතර ශ්‍රී පාද අවාරයේ මළුවේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලත්න්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා සදහන් කළේය.
සිරිපා වන්දනා සමයේ හැටන් මාර්ගයේ ස්ථාපනය කර තිබු ගුගුලතැන්න , රතුඅම්බලම සහ ඉදිකටුපහන යන ප්‍රදේශවල පොලිස් මුරපොරවල් වල 2019- 2020 වසර සදහා සිරිපා සමය ආරම්භ වන තෙක්ම පොලිස් නිලධාරීන් රාජකාරි සදහා යෙදවීමට පියවර ගෙන තිබේ.
සිරිපා අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන සංචාරකයන් නල්ලතන්නිය පොලිසියේ ලියාපදිංචි කර දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු ශ්‍රි පාදස්ථානය සංචාරය කිරීමට අවස්ථාව ලබාදෙන බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමි සිරිපා අවාරයේදී කරුණා නොකරන ලෙසට ද සංචාරකයන්ගෙන් ඉල්ලීමක් ද සිදුකළහ.