FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය හා විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව කල් යයි

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මේ මස 30 වනදා දක්වා කල් දැමීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (21) නියෝග කළේය.
පසුගිය රජය සමයේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුලින් පොදු දේපල පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.