FAST NEWS

24×7 Around the Globe

හොරොව්පතාන ඔ.අයි.සී ට අල්ලස් දුන් පුද්ගලයා රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු වූ තම ඥාතීයෙක් බේරාදෙන ලෙස ඉල්ලා හොරොව්පතාන ස්ථානාධිපතිට රුපියල් 250,000 ක අල්ලසක් දුන් බව පැවසෙන පුද්ගලයා ලබන 04 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමැති සැකකරු වෙනුවෙන් අල්ලස් ලබාදුන්නැයි කියන ව්‍යාපෘති නිලධාරී අබ්දුල් කපූර් මොහොමඩ් නැමැත්තාය.
හොරොව්පොතාන ස්ථානාධිපතිගේ පැමිණීල්ලට අනුව අලල්ස් හෝ දුෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 05 වැනි දාය.